දකුණු අප්‍රිකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක මෝර්නි මෝර්කල් ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
පසුගිය සති කිහිපයේ දී ම අදාළ තනතුර සදහා ඔහුව පත් කරනු ඇති බවට වාර්තා පලව තිබූ අතර, ඔහු නිල වශයෙන් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව අද(14) දිනයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් තහවුරු කළා.
ඉන්දීය හිටපු වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Paras Mhambrey වෙනුවටයි මෝර්කල් අදාළ ධූරයට පත් කරනු ලැබුවේ.
ගෞතම් ගම්භීර්ගේ ප්‍රධාන පුහුණුකාරීත්වයෙන් යුත් ඉන්දීය පුහුණු කාර්යය මණ්ඩලයට සහාය පුහුණුකරුවන් ලෙස අභිෂේක් නයාර් හා Ryan ten Doeschate ද ඇතුළත් අතර, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ටී දිලිප් කටයුතු කරනවා.