ඉන්දීය පරාජයෙන් පසු අලුත් වූ WTC ප්‍රසාද ලකුණු සටහන

නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරග දෙකම පරාජයට පත් වුව ද, අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් යන්තමින් රැක ගැනීමට ඉන්දියාව සමත්ව සිටිනවා.

කෙසේ වෙතත්, ඔවුන්ට හිමිව තිබූ 68.06% ක ලකුණු ප්‍රතිශතය මේ වන විට 62.82 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයක්. දෙවැනි ස්ථානයේ රැදී සිටින ඔස්ට්‍රේලියාවට 62.50% ක ලකුණු ප්‍රතිශතයක් හිමියි. ඒ අනුව එම කණ්ඩායම් දෙක අතර පරතරය වන්නේ 0.32% ක්.

මෙතෙක් 5 වැනි ස්ථානයේ රැදී සිටි නවසීලන්තය අද ලැබූ ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ මෙතෙක් සිව්වැනි ස්ථානයේ පසු වූ දකුණු අප්‍රිකාව 5 වැනි ස්ථානයට ඇදදමමින්.

මේ අතර, එංගලන්තය පරදා පාකිස්තානය අද ලැබූ ටෙස්ට් තරගාවලි ජයත් සමග මෙතෙක් ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තානය 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව තවදුරටත් එහි තෙවැනි ස්ථානයේ පසුවනවා.

Comments (0)
Add Comment