ඉන්දියාව හා ලෝක කණ්ඩායම අතර තරගයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන Legends League Cricket තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත ලෝක කණ්ඩායම (Rest of the World) හා ඉන්දීය කණ්ඩායම (India Maharajas) අතර විශේෂ 20යි 20 තරගය සැප්තැම්බර් 16 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් එම තරගය සංවිධාන කර ඇති බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ.

එම තරගයේ දී ඉන්දීය කණ්ඩායම හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි විසින් මෙහෙයවීමට නියමිත අතර, ලෝක කණ්ඩායම එංගලන්ත හිටපු නායක ඔයින් මෝර්ගන් විසින් මෙහෙයවීමට නියමිතයි.

කොල්කටා හි ඊ්ඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ලෝක කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන සනත් ජයසූරිය හා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තායියා මුරලිදරන් ද මෙම තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

මෙවර Legends League Cricket තරගාවලිය සැප්තැම්බර් 17 වැනිදා සිට ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Indian team :

Sourav Ganguly (C), Virender Sehwag, Mohammed Kaif, Yusuf Pathan, Subramaniam Badrinath, Irfan Pathan, Parthiv Patel, Stuart Binny, S Sreesanth, Harbhajan Singh, Naman Ojha, Ashok Dinda, Pragyan Ojha, Ajay Jadeja, RP Singh, Joginder Sharma, Reetinder Singh Sodhi.

The rest of the world team :

Eoin Morgan(C), Lendl Simmons, Herschelle Gibbs, Jacques Kallis, Sanath Jayasuriya, Matt Prior, Nathan McCullum, Jonty Rhodes, Muttiah Muralitharan, Dale Steyn, Hamilton Masakadza, Mashrafe Mortaza, Asghar Afghan, Mitchell Johnson, Brett Lee, Kevin Obrien, Dinesh Ramdin.

 

Comments (0)
Add Comment