ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම අද(23) සමත් වුණා.
ඒ, තරගාවලියේ පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 34ක විශිෂ්ට ජයක් වාර්තා කරමින්.
දඹුලු ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් වුණා.
Jemimah Rodrigues නොදැවී ලකුණු 36ක්, Shafali Verma ලකුණු 31ක් හා නායිකා Harmanpreet Kaur ලකුණු 22ක් රැස් කළා.
පන්දු යැවීමේදී ඉනෝකා රණවීර ලකුණු 30 කට කඩුලු තුනක් බිද හෙලුවා. ඕෂධී රණසිංහ ලකුණු 22 කට දවා ගත් කඩුලු ගණන දෙකක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 අවසන් කිරීමට සිදුවූයේ කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් පමණක් ලබා ගනිමින්.
නායිකා චමරි අතපත්තු ලකුණු 16කට දැවී ගියා. කවීෂා දිල්හාරී නොදැවී ලකුණු 47යි.
පන්දු යැවීමේදී Radha Yadav ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි 20 තරඟය එළඹෙන 25 වැනිදා දඹුල්ලේ දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.