ඉන්දියාව ලකුණු 181ක් පිටුපසින් – Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(4) නිමා වුණේ වැඩි ගෞරව ඉන්දියාව වෙත හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 24ක් ලබා සිටි අතර, රෝහිට් ෂර්මා ලකුණු 8ක් සහ චෙටස්වර් පුජාර ලකුණු 15ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ෂුබ්මන් ගිල් ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ජේම්ස් ඇන්ඩර්සන් සමත් වුණා.

අහ්මදාබාද්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 205ක් පමණයි.

බෙන් ස්ටොක්ස් ලකුණු 55ක්, ඩෑන් ලෝරන්ස් ලකුණු 46ක් සහ ඔලී පෝප් ලකුණු 29ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නැවතත් සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ අක්සාර් පටෙල් කඩුුලු 4ක් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 181ක්.

Comments (0)
Add Comment