විරාත් කෝලි ලබා ගත් ලකුණු 84 හමුවේ ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට පිට පිට තෙවැනි වරටත් සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(4) සමත් වුණා.
ඒ, මෙවර තරගාවලිය යටතේ ඩුබායිහීදී පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 264 ක් පමණයි.
ස්ටීව් ස්මිත් ලකුණු 73(96) ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 4ක් සමගින්. ඇලෙක්ස් කෙරී ලකුණු 61(57) යි.
පන්දු යැවීමේදී මොහමඩ් ෂාමි ලකුණු 48 කට කඩුලු 3 ක් දවා ගත් අතර, වරුන් චක්‍රවර්තී හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 48.1 ක් අවසානයේ කඩුලු හයක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
කෝලි ලකුණු 84 ක් රැස් කළේ පන්දු 98 කින් හතරේ පහර 5 ක් සමගින්. ෂ්රෙයස් අයියර් ලකුණූ 45 කට දැවී ගිය අතර, කේ එල් රාහුල් නොදැවී ලකුණු 42 යි.
පන්දු යැවීමේ දී නේදන් එලිස් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මීට පෙර පැවැති 2013 හා 2017 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියන්හීදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දියාව සමත් වූ අතර, 2013 වසරේදී ඔවුන් එහි ශූරතාවය ද දිනා ගත්තා.