ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පළමු වරට සංවිධාන කරන කාන්තා ප්‍රිමියර් ලීග් (Women’s Premier League) (WPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය (title sponsorship) TATA සමූහය (TATA Group) විසින් හිමි කර ගෙන තිබෙනවා.
ඒ අනුව 2023 අදියරේ සිට 2027 අදියර දක්වා WPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහය TATA සමූහය සතුවනවා.
තරගාවලිය මාර්තු 4 වැනිදා මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අවසන් මහා තරගය මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී මාර්තු 26 වැනිදා පැවැත්වීමට නියමිතයි.
දින 23 ක් පුරා පැවැත්වෙන තරගාවලිය සදහා Delhi Capitals, Gujarat Giants, Mumbai Indians, Royal Challengers Bangalore හා UP Warriorz යන කණ්ඩායම් 5 ක්‍රීඩා කිරීමට නියමිතයි.
ලීග් වටයේ තරග 20 ක් ද, අවසන් වටයේ (Playoffs) තරග දෙකක් ද WPL පළමු අදියරේ තරගාවලියට ඇතුළත්.