අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය යළි හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.
ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් ලැබීමත් සමගයි.
පර්ත්හි පැවැති මෙම තරගය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියාව 62.50% ක ලකුණු ප්‍රතිශතයක් සමග පළමු ස්ථානයේ රැදී සිටි අතර, ඉන්දියාව 58.33% ක ලකුණු ප්‍රතිශතයක් සමග දෙවැනි ස්ථානයේ පසුවුණා.
කෙසේ වෙතත්, අද ලැබූ ජයත් සමග ඉන්දියාව එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පත්ව ඇත්තේ 61.11% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියමින්. දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇති ඔස්ට්‍රේලියාවට හිමිව ඇති ලකුණු ප්‍රතිශතය 57.69% ක්.
55.56% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ලකුණු ප්‍රතිශත පරතරය වන්නේ 2.13% ක් පමණයි.
නවතම ප්‍රසාද ලකුණු සටහන –