ඉන්දියාවට එරෙහි T 20 සංචිතයට මුජීබ් ඇතුළත් කෙරේ – සංචිතය මෙන්න

දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන් ඉන්දියාවට එරෙහි ඇෆ්ඝනිස්තාන 20යි 20 සංචිතය සදහා නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෑතකදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති 20යි 20 තරගාවලිය සදහා ඔහු නම් කර නොතිබූ අතර, ඒ වෙනුවට 22 හැවිරිදි මුජීබ් ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියේ දී Melbourne Renegades කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

කෙසේ වෙතත්, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔහුට විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම සදහා ලබා දී තිබූ අවසර අවලංගු කිරීමට ගත් තීරණයත් සමග මුජීබ්ට බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

මුජීබ් උර් රහ්මාන්, නවීන් උල් හක් හා ෆසල්හක් ෆරූකි යන ක්‍රීඩකයින් 2024 වසර සදහා ඇෆ්ඝනිස්තනා ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරිමෙන් වැළකී සිටීමට තීරණය කර තිබූ අතර, ඒ අනුව ඔවුන් තිදෙනාට එරෙහිව දඩුවම් පැනවීමක් සිදු කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

වසර දෙකක කාලයක් සදහා විදෙස් ලීග් තරගාවලි ක්‍රීඩා කිරීම වෙනුවෙන් අවසර ලබා නොදීමටත්, මේ වන විට එවැනි අවසරයක් ලබා දී ඇත්නම් එය අවලංගු කිරීමටත්, පියවර ගත්තේ ඒ අනුවයි.

නවීන් උල් හක් හා ෆසල්හක් ෆරූකි එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කළේ ඔවුන් යළි ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඇති සිය කැමැත්ත එරට ක්‍රිකට් ආයතනයට ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

මුජීබ්ට අමතරව රෂීඩ් ඛාන්, කායිස් අහ්මඩ් හා නූර් අහ්මඩ් වැනි දග පන්දු යවන්නන් ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා නම් කර තිබෙනවා.

20යි 20 නායක රෂීඩ් ඛාන් මෙම සංචිතයට නම් කර ඇතත්, ඔහු තවමත් පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු සුවය ලබමින් සිටින බැවින් මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඔහුට නොහැකි වනු ඇති. එම ශල්‍යකර්මය නිසා ඔහුට BBL තරගාවලිය මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහි 20යි 20 තරගාවලිය ද අහිමි වුණා.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයට නායකත්වය ලබා දුන් ඊබ්‍රහීම් සඩ්‍රාන් ඉන්දියාවට එරෙහි තරගාවලියේ දී ද කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැති 20යි 20 තරගාවලිය සදහා වන සංචිතයට ඇතුළත්ව සිටි Mohammad Ishaq, Sediqullah Atal, Darwish Rasooli යන ක්‍රීඩකයින් ඉන්දියාවේ පැවැත්වෙන 20යි 20 තරගාවලියට නම් කර නැහැ.

Gulbadin Naib හා Ikram Alikhil එමීර් රාජ්‍යයට එරෙහි 20යි 20 තරගාවලියට අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබූ අතර, ඔවුන් දෙදෙනා ඉන්දියාවට එරෙහි ප්‍රධාන සංචිතයට නම් කර තිබෙනවා.

ඉන්දු-ඇෆ්ඝනිස්තාන 20යි 20 තරගාවලිය ජනවාරි 11, 14 හා 17 යන දිනවලදී මොහාලි, ඉන්දෝර් හා බැංගලෝර් හී දී පැවැත්වීමට නියමිතයි.

මෙය ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානය අතර ද්විපාර්ශ්වික 20යි 20 තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාවයි.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ඉන්දියාව ක්‍රීඩා කරන අවසන් 20යි 20 තරගාවලිය වන්නේ ද මෙම තරගාවලියයි.

Afghanistan squad

Ibrahim Zadran (c), Rahmanullah Gurbaz (wk), Ikram Alikhil (wk), Hazratullah Zazai, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Azmaullah Omarzai, Sharafuddin Ashraf, Mujeeb Ur Rahman, Fazal Haq Farooqi, Fareed Ahmad, Naveen-ul-Haq, Noor Ahmad, Mohammad Saleem, Qais Ahmad, Gulbadin Naib and Rashid Khan.

big 3
Comments (0)
Add Comment