හයිදරාබාද් හී දී පසුගියදා නවසීලන්තය සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව තරග ගාස්තුවෙන් 60% ක මුදලක් දඩ ලෙස නියම කිරීමටයි තරග තීරක ලෙස කටයුතු කළ ජවගල් ශ්‍රීනාත් කටයුතු කර ඇත්තේ.
ඉන්දීය කණ්ඩායම එම තරගයේ දී නියමිත කාලය නිමා වන විට පන්දුවාර 3 ක් පිටුපසින් සිට ඇති බව සදහන්.
ඉන්දීය නායක රෝහිට් ෂර්මා විසින් වරද පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දියාව ලකුණු 12 ක තියුණු ජයක් වාර්තා කළ අතර, දෙවැනි එක්දින තරගය හෙට(21) පැවැත්වීමට නියමිතයි.
[…] – Source – […]