ජනප්‍රිය තරග දිරිගන්වන්නෙකු වූ පර්සි අබේසේකර මහතාගේ අභාවය ක්‍රිකට් ක්ෂේත්‍රයට විශාල කනගාටුවක් බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා පවසනවා.
ශ්‍රී ලංකාව සමග අද(2) පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගයට පෙර ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.
“මම වාසනාවන්ත වුණා ආසියානු කුසලාන තරගාවලිය අතරතුර දී ඔහුව හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ව මුණ ගැසෙන්න. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ ලෝලියෙක්. ඔහු තමයි මම දැක්ක පළමු ක්‍රිකට්ලෝලියා.” යනුවෙන් රෝහිත් කියා සිටියා.
“මම පළමු වතාවට ඇත්තටම ශ්‍රී ලංකාවට ගියේ 2005 (2006) වසරේ දී 19න් පහළ ලෝක කුසලානය සදහා. ඔහු එදා හිටියා. නමුත් මම පොඩි ළමයෙක් එතකොට. මට අදහසක් තිබුණේ නැහැ ක්‍රිකට් පිටියෙන් එළියේ වැඩ වෙන්නේ කොහොමද කියලා.
“නමුත් මම 2008 වසරේ දී පළමු වතාවට ඉන්දීය කණ්ඩායම සමග ශ්‍රී ලංකාවට ගියාම මම ඔහුව පළමුව දැක්කා. මම දැක්කා ඔහු කොච්චර උද්යෝගිමත්ද කියලා.
“මම වාසනාවන්ත වුණා ඔහුගේ පවුල මුණ ගැසෙන්න. ඔහුගේ පුතා, මුනුපුරා. ඔහුගේ පවුල හරි සුන්දරයි. ඔහුගේ නැති වීම ක්‍රිකට් ක්ෂේත්‍රයට දැඩි කණගාටුවක්. මම හිතන්නේ ඔහු තමයි ක්‍රිකට්වල පළමු ලෝලියා වුණේ. දැන් ගොඩක් ලෝලියෝ ඉන්නවා. නමුත් ඉතිහාසයේ මම දැකපු පළමු ක්‍රිකට් ලෝලියා වුණේ ඔහු. මෙය හැමෝටම කනගාටුදායක අවස්ථාවක්.”