ඔස්ට්‍රේලියානු හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ජෝ බර්න්ස් ඉතාලි ජාතික කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබෙනවා.
පසුගිය මැයි මාසයේදී ඔහු ඉතාලිය වෙත සංක්‍රමනය වූ අතර, ජූනි මාසයේදී ඉතාලිය වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර වරම් හිමි කර ගත්තා.
බ්‍රිස්බේන්හි උපත ලැබූ ඔහුගේ මව ඉතාලි ජාතික කාන්තාවක් වීම හේතුවෙන් ජෝ බර්න්ස්ට ඉතාලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා කිසිදු බාධාවක් එල්ල වූයේ නැහැ.
බර්න්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 23 ක් ක්‍රීඩා කර ඇති අතර, එහිදී ඔහු ශතක 4ක් වාර්තා කළා. එක්දින තරග හයකදී ද ඔහු ඔස්ට්‍රේලියාව නියෝජනය කර තිබෙනවා.