ඉක්මන් ලකුණු ලබා ගන්න සැලසුම් කර තිබුණේ නැහැ : දිමුත්ගේ දැවී යාමට හේතුව චන්දිමාල් පහදයි

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යාමේ වරද තමා භාර ගන්නා බව ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිමුත්ට පැවැති සුළු ආබාධ තත්ත්වයක් නිසා එවැනි ඉක්මන් ලකුණක් ලබා ගැනීම සදහා තමන් එම අවස්ථාවේ දී මානසිකව සූදානම්ව නොසිටි බවයි.

දිමුත් පාදයක සුළු ආබාධයකින් පසුවූ බැවින් ඉක්මන් ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටීමට දෙදෙනා අතර එකගතාවයක් පැවැති බව චන්දිමාල් සදහන් කර සිටියේ පළමු දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Comments (0)
Add Comment