ඈෂ්ලි ගිල්ස් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ඈෂ්ලි ගිල්ස් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 0-4ක් ලෙස පරාජයට පත් වූ පසුබිමකයි.

ඔහු වෙනුවට තාවකාලිකව ඇන්ඩෲ ස්ට්‍රාව්ස් කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබෙනවා.

එංගලන්තය 2019 වසරේ දී එක්දින ලෝක ශූරතාවය ජය ගන්නා අවස්ථාව වන විට ද කණ්ඩායමේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ ඈෂ්ලි ගිල්ස්.

කෙසේ වෙතත්, මෑත කාලීනව එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ දක්ෂතා ඉතා අවම මට්ටමකයි පැවතුණේ.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ධූරය ද මේ වන විට අවධානම් තත්ත්වයකට පත්ව ඇති බවයි එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ.

Comments (0)
Add Comment