අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.
සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සංචිතය සදහා 16 හැවිරිදි දග පන්දු යවන ක්‍රීඩක Allah Mohammad Ghazanfar හා 19 හැවිරිදි වමත් දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක Nangeyalia Kharote ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
ඔවුන් දෙදෙනාම යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානය නියෝජනය කර තිබෙනවා.
ආබාධවලට ලක්ව සිටි රෂීඩ් ඛාන් හා මුජීබ් උර් රහ්මාන් තවදුරටත් සුවය ලබමින් සිටින බැවින් මෙම තරගාවලියට ද ඔවුන් දෙදෙනා නම් කර නැහැ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතයට අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ඇතුළත්ව සිටි Bilal Sami අයර්ලන්තයට එරෙහි එක්දින තරගාවලිය සදහා වන ප්‍රධාන සංචිතයට නම් කර තිබෙනවා.
පා දග පන්දු යවන ක්‍රීඩක කායිස් අහ්මඩ් අතිරේක ක්‍රීඩකයින් අතරටයි මෙවර ඇතුළත් කර ඇත්තේ.
දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය එළඹෙන 7 වැනිදා සාජා හී දී ආරම්භ වීමට නියමිතයි.
Afghanistan squad:
Hashmatullah Shahidi (c), Rahmat Shah (vc), Rahmanullah Gurbaz (wk), Ikram Alikhil (wk), Ibrahim Zadran, Riaz Hassan, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Nangeyalia Kharote, Allah Mohammad Ghazanfar, Noor Ahmad, Bilal Sami, Fazal Haq Farooqi, Naveed Zadran, Farid Ahmad Malik
Reserves: Zia Ur Rahman, Shahidullah Kamal, Qais Ahmad