ඇෆ්ඝනිස්තාන මුල් පෙල පිතිකරුට වසර පහක ක්‍රිකට් තහනමක්

දූෂන චෝදනාවලට වරදකරුවෙකු වීම හේතුවෙන් ඇෆ්ඝනිස්තාන මුල්පෙල පිතිකරුවෙකු වන Ihsanullah Janat හට වසර පහක ක්‍රිකට් තහනමක් පැනවීමට කටයුතු කළ බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මෙම වසර මුලදී පැවැති කාබුල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඔහුට මෙලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු පිළිබදව ද මේ වන විට විමර්ශන සිදු කරන බව සදහන්.

2017 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් Ihsanullah Janat මේ වන විට 26 වැනි වියේ පසුවනවා. ඔහු ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරග ගණන 20 ක්.

Comments (0)
Add Comment