ඇෆ්ඝනිස්තාන දග පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්ට 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහුට දකුණු අතේ ඇගිල්ලක සිදු වූ ආබාධයක් හේතුවෙන් නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, එම ආබාධයම මේ වන විට යළි උත්සන්න වී ඇති බව සදහන්.
ලෝක කුසලාන තරගාවලිය යටතේ උගන්ඩාවට එරෙහිව ඇෆ්ඝනිස්තානය ක්‍රීඩා කළ පළමු තරගය සදහා මුජීබ් ක්‍රීඩා කළ නමුත්, පසුව එම ආබාධය නිසා ඔහු ඉතිරි තරග දෙක සදහා ක්‍රීඩා කළේ නැහැ.
මුජීබ් වෙනුවට ඇෆ්ඝනිස්තාන සංචිතයට ආරම්භක පිතිකරුවෙකු වන හස්රතුල්ලාහ් සසායි ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මෙම ආදේශ කිරීමට අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
මුජීබ් වෙනුවට මීට පෙර පැවැති තරග දෙකේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 19 හැවිරිදි නූර් අහ්මඩ්.