සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය අද(2) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථානය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ රහ්මට් ශාහ්. ඔහු ලකුණු 91 ක් රැස් කළේ හතරේ පහර 13 ක් ද සමගින්.
නූර් අලී සඩ්‍රාන් ලකුණු 31 ක් රැස් කළ අතර, ඉක්‍රම් අලිකිල් හා කායිස් අහ්මඩ් ලකුණු 21 බැගින් රැස් කළා.
පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු ලකුණු 51 කට කඩුලු 4ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 3ක් දවා ගත්තා. ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 67 ක් ලබා දෙමින්.
ඇෆ්ඝනිස්ථාන පිලේ අවසන් කඩුලු පහ ලකුණු 29 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීම ද කැපී පෙනුණා.