ඇෆ්ඝනිස්තානය සමග අපි ක්‍රීඩා කරන්නේ නැහැ – ඔස්ට්‍රේලියාව යළි අවධාරණය කරයි

තම කණ්ඩායම ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලි ඉදිරියටත් ක්‍රීඩා නොකරන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය යළි අවධාරණය කර තිබෙනවා.

ඒ, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තලේබාන් පාලනය දරනු ලබන ස්ථාවරය හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී Nick Hockley සදහන් කළේ මේ සම්බන්ධයෙන් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සමග නිරතුරුවම සාකච්ඡා සිදු කරන බවයි.

ඒ අනුව අනාගතයේ යම් දිනක කණ්ඩායම් දෙක අතර ද්විපාර්ශ්වික තරගාවලි පැවැත්වීමට හැකි වනු ඇති බවට ඔහු අපේක්ෂාවෙන් පසුවනවා.

කාන්තාවන් සහ ගැහැණු ළමුන් සඳහා ඇෆ්ඝනිස්තානයේ පවතින මානව හිමිකම්වල කැපී පෙනෙන පිරිහීම හේතුවෙන් ඇෆ්ඝනිස්තානය සමග ද්විපාර්ශ්වික තරගාවලි තුනක් ක්‍රීඩා කිරීමෙන් ඉවත් වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ දී තීරණය කළා.

Comments (0)
Add Comment