එංගලන්ත හා එසෙක්ස් ක්‍රීඩක ඇලෙස්ටයාර් කුක් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තයේ වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන කුක් වසර 20 ක කාලයක් වෘත්තීය ක්‍රිකට් පිටියේ දැක ගත හැකි වුණා.
38 හැවිරිදි ඔහු 2018 වසරේ දී ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගත් නමුත්, එතැන් සිට වසර පහක කාලයක් ඔහු එසෙක්ස් කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරගාවලි ක්‍රීඩා කළා.
ඇලෙස්ටයාර් කුක් ටෙස්ට් තරග 161 කදී ලකුණු 12,472 ක් වාර්තා කර තිබුණේ ශතක 33 ක් ද සමගින්. ඔහු පළමු පෙල තරග 352 කදී ලකුණු 26,643 ක් රැස් කර තිබෙනවා.
ටෙස්ට් පිටියේ දී පමණක් නොව ඔහු එක්දින තරග 92 කදී හා 20යි 20 තරග 4 කදී ද එංගලන්තය නියෝජනය කර තිබුණා.