ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයා ශ්‍රී ලංකාවට එරෙහි සංචිතයට නම් කෙරේ

තවත් හිටපු හා වත්මන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම පවුලේ සාමාජිකයින් මෙම සංචිතය සදහා නම් කර තිබීම කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත යොවුන් සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා එංගලන්ත හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයා වන 16 හැවිරිදි රොකී ෆ්ලින්ටොෆ් නම් කර තිබීම විශේෂත්වයක්.

කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ Luc Benkenstein. ඔහු දකුණු අප්‍රිකා හිටපු පිතිකරුවෙකු හා Lancashire කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු Dale Benkenstein ගේ පුත්‍රයායි.

මේ අතර, එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ්ගේ සහෝදරයා වන දග පන්දු යවන ක්‍රීඩක ෆර්හාන් අහ්මඩ් ද සංචිතයට ඇතුළත්.

එමෙන්ම එංගලන්ත හිටපු ක්‍රීඩක Phil Mustard ගේ පුත්‍රයා වන Haydon Mustard ද ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇති අතර, එංගලන්ත පළමු පෙල ක්‍රීඩකයෙකු වන James Rew ගේ සහෝදරයා වන Thomas Rew ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම වසර මුලදී පැවැති යොවුන් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් 9 දෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි සංචිතය සදහා ද නම් කර තිබෙනවා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා – එංගලන්ත යොවුන් කණ්ඩායම් අතර එක්දින තරග 3ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරගාවලිය එළඹෙන 28 වැනිදා ද, සිව්දින තරගාවලිය ජුලි 8 වැනිදා ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

England Men U19s squad:

Luc Benkenstein (Essex – captain), Farhan Ahmed (Nottinghamshire), Tazeem Ali (Warwickshire), Charlie Allison (Essex), Noah Cornwell (Middlesex), Rocky Flintoff (Lancashire), Keshana Fonseka (Lancashire), Eddie Jack (Hampshire), Dom Kelly (Hampshire), Freddie McCann (Nottinghamshire), Harry Moore (Derbyshire), Haydon Mustard (Durham), Thomas Rew (Somerset), Noah Thain (Essex), Raphael Weatherall (Northamptonshire), Theo Wylie (Warwickshire).

Comments (0)
Add Comment