ඇන්ඩර්සන් ඓතිහාසික 600 වැනි කඩුල්ල ලබාගත්තේ මෙහෙමයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සිය 600 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට අද(25) සමත් වුණා.

ඒ, පාකිස්තානය සමග පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදීයි.

එහිදී පාකිස්තාන දෙවැනි ඉනිමේදී ලකුණු 31 ක් ලබා සිටි නායක අසාර් අලීගේ කඩුල්ල දවා ගනිමින් ඇන්ඩර්සන් සිය කඩුලු 600 සම්පූර්ණ කළා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 600 සීමාවට ළඟාවු ලොව සිව්වන පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර එම කඩඉම පසුකර යාමට සමත්ව සිටියේ මුත්තයියා මුරලිදරන්, ශේන් වෝර්න් හා අනිල් කුම්බ්ලේ පමණයි.

ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600ක් දවා ගත් ලොව පළමු වේග පන්දු යවන්නා ලෙසට ද අද ඉතිහාසගත වුණා.

ඔහු සිය 600 වැනි කඩුල්ල දවා ගත් අයුරු –

Comments (0)
Add Comment