ඇට්කින්සන් දවා ගන්න මිලාන් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ දී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක අද(30) සමත් වුණා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 358 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 427 ක්.

ජෝ රූට් ලකුණු 143 ක් හා ගස් ඇට්කින්සන් ලකුණු 118 ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 5 ක් දවා ගත් අතර, මිලාන් රත්නායක හා ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ඇට්කින්සන් දවා ගැනීම සදහායි මිලාන් රත්නායක විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන කිහිපයක් පහතින් –

Comments (0)
Add Comment