කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් 500,000 ක මුදලක් එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 15 ක මුදලක් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පිරිනැමීමටයි පියවර ගෙන ඇත්තේ.
දඹුල්ලේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ දී ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමිනුයි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ඊයේ ජය ගනු ලැබුවේ.
මීට පෙර ආසියානු කුසලාන තරගාවලි පහක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබූ නමුත්, එම අවස්ථා පහේ දී ම ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබුණා.
මෙවර තරගාවලියේ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 165 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2 ක් දැවී සිටියදීයි.
එය ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි 20 කාන්තා තරගයක් සාර්ථක ලෙස හඹා ගොස් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි.
Sri Lanka Cricket (SLC) has awarded the Sri Lanka Women’s Cricket Team a prize of USD 500,000 for their outstanding performance in winning the Asia Cup. pic.twitter.com/mJPMjY2aTN
— Azzam Ameen (@AzzamAmeen) July 29, 2024