ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත හා බිනුර ප්‍රනාන්දුට එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඒ, ඔවුන් දෙදෙනාම ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන්.
එම ක්‍රීඩකයින් දෙදෙනාම ඊයේ (19) ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිවේදනය කළ ආසියානු කුසලානය සදහා වන ශ්‍රී ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්ව සිටියා.
ඔවුන්ගේ ආබාධ හේතුවෙන් ආදේශක ක්‍රීඩකයින් ලෙස වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු හා ප්‍රමෝද් මදුෂාන් ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමට නියමිතව ඇති බව සදහන්.
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද ඇතැම්විට මෙවර ආසියානු කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් ද මේ වන විට මතුව තිබෙනවා.
ඒ, ඔහුගේ වළලුකර ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන්ම සුව වී නොමැති වීම හේතුවෙන්.