ආසියානු කුසලානයට ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කෙරේ

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා යොවුන් සංචිතය නම් කර තිබෙනවා.

සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඩුබායි හී දී පැවැත්වීමට නියමිත යොවුන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලබන 6 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

යොවුන් ආසියානු කුසලාන තරගාවලිය ලබන 8 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ලබන 9 වැනිදා ජපානයට එරෙහිවත්, දෙවැනි තරගය ලබන 11 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමගත්, තෙවැනි තරගය ලබන 13 වැනිදා බංග්ලාදේශය සමගත් පැවැත්වීමට නියමිතයි.

The Squad
1. Sineth Jayawardena – Captain – Royal College, Colombo
2. Pulindu Perera – Dharmaraja College, Kandy
3. Vishen Halambage – St. Peter’s College, Colombo
4. Ravishan de Silva – P. De S. Kularathna Vidyalaya, Ambalangoda
5. Sharujan Shanmuganathan – St. Benedict’s College, Colombo
6. Dinura Kalupahana – Mahinda College, Galle
7. Malsha Tharupathi – Vice-Captain – Richmond College, Galle
8. Vihas Thevmika – Thurstan College, Colombo
9. Vishwa Lahiru – Sri Sumangala College, Panadura
10. Garuka Sanketh – Lyceum International School, Wattala
11. Duvindu Ranatunga – Mahanama College, Colombo
12. Hirun Kapurubandara – St. Joseph’s College, Colombo
13. Rusanda Gamage – St. Peter’s College, Colombo
14. Dinuka Tennakoon – Trinity College, Kandy
15. Ruvishan Perera – Ananda College, Colombo
Travelling Reserves
1. Supun Waduge – Trinity College, Kandy
2. Janith Fernando – Joseph Vaz College, Wennappuwa

Comments (0)
Add Comment