ආසියානු කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ

2025 පිරිමි ආසියානු කුසලාන තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලිය සැප්තැම්බර් 9 සිට සැප්තැම්බර් 28 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරග වදිනු ඇති. ශ්‍රී ලංකාව තරග වදින්නේ “බී” කාණ්ඩයෙන්.

ඉන්දියාව හා පාකිස්තානය  අතර මූලික වටයේ තරගය  පැවැත්වෙන්නේ සැප්තැම්බර් 14 වැනිදායි.

දින 17 ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියේ දින හා කාලසටහන නිවේදනය කරනු ලැබුවේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති සහ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ (PCB) සභාපති මොහ්සින් නක්වි විසිනුයි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය සැලකිල්ලට ගනිමින්, මෙවර තරගාවලිය T20I ආකෘතියෙන් පැවැත්වෙනවා.

පළමු වරට කණ්ඩායම් අටක් තරගාවලියට සහභාගී වන අතර, එය පෙර පැවති තරගාවලියට වඩා කණ්ඩායම් දෙකක වැඩිවීමක්.

ඉන්දියාවට සහ පාකිස්තානයට අමතරව “ඒ” කාණ්ඩයට ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ඇතුළත් වනවා.

ශ්‍රී ලංකාව තරග වදින “බී” කාණ්ඩයට බංග්ලාදේශය, හොංකොං හා ඇෆ්ගනිස්තානයද ඇතුළත්.

සෑම කාණ්ඩයකින්ම පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් සුපිරි 4 වටයට සුදුසුකම් ලබන අතර, එම වටයේ පළමු ස්ථාන දෙක හිමි කරගන්නා කණ්ඩායම් දෙක සැප්තැම්බර් 28 වන දින පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

top
Comments (0)
Add Comment