චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.
ඒ, තෙවැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයේ දී පාකිස්තානය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.
චීනයේ Hangzhou හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිතිකාරිණියන් මෙම තරගයේ දී ද අසාර්ථක පිතිහරඹයක නිරත වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 64 ක් පමණයි.
Aliya Riaz ලකුණු 17 ක්, Nida Dar ලකුණු 14 ක් හා Sadaf Shamas ලකුණු 13 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Shorna Akter කඩුලු 3 ක් හා Sanjida Akter Meghla කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය පන්දුවාර 18.2 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 65 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.
Shorna Akter නොදැවී ලකුණු 14 ක් රැස් කළ අතර, Shamima Sultana හා Shathi Rani ලකුණු 13 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී Nashra Sandhu ලකුණු 10 කට කඩුලු 3 ක් දවා ගත්තා.
තරගාවලියේ රන් පදක්කම සදහා වන තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.