ආසියානු ක්‍රිකට් කවුන්සලයට ශම්මි වෙනුවට නව සභාපතිවරයෙක්

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපතිවරයා ලෙස පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා වෙනුවටයි.

වාර්ෂික මහා සභා රැස්වීමේදී නව පත් වීම තහවුරු කෙරුණු අතර, ඔහු එම ධූරයේ වසර දෙකක කාලයක් කටයුතු කිරීමට නියමිතයි.

2025 සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය සාර්ථක ලෙස පැවැත්වීම නව සභාපතිවරයාට පැවරෙන ප්‍රධානම වගකීමක් බවට පත්වනවා.

එම තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ඉන්දු-පාකිස්තාන දේශපාලන අර්බුද හේතුවෙන් තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ඒ අනුව තරගාවලිය ශ්‍රී ලංකාවේදී හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට කටයුතු කරනු ඇති.

top
Comments (0)
Add Comment