ආරෝන් ෆින්ච්ට ශල්‍යකර්මයක්

ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච්ට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර ඔහු මුහුණ දුන් දකුණු දණහිසේ ආබාධය හේතුවෙන්.

ආබාධය නිසා ඔහුට කොදෙව්වන්ට එරෙහිව නිමා වූ පළමු එක්දින තරග දෙක ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ෆින්ච් යළි ඔස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතව ඇති අතර, සෙසු ක්‍රීඩකයින් එක්දින තරගාවලිය නිමා වීමෙන් පසුව බංග්ලාදේශය බලා පිටත්ව යනු ඇති.

ආරෝන් ෆින්ච් ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසුව ඔහුට දින 14 ක කාලයක් නිරෝධායනයට ද ලක් වීමට සිදු වන අතර, අනතුරුව දකුණු දණහිසේ ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතයි.

WORLD NEWS
Comments (0)
Add Comment