ආරාධිත 20යි 20 ලීග් තරගාවලියේ තරග කාලසටහන හා සංචිත නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ සංචිත හා තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද නිවේදනය කළා.

තරගාවලිය අගෝස්තු 9 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් මෙම තරගාවලිය සංවිධාන කරන බවයි ක්‍රිකට් ආයතනය මීට පෙර සදහන් කළේ.

ජාතික හා පළමු පෙල ක්‍රීඩකයින් 60 දෙනෙකු මෙම තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 4 ට අයත් සංචිත සදහා ඇතුළත්.

පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

තරග කාලසටහන හා සංචිත

August 09 : M 1 – Greys vs Reds (3.00 Pm), M 2 – Blues vs Greens (7.30 pm)
August 11 : M 3 – Greens vs Reds (3.00 Pm), M 4 – Greys vs Blues (7.30 pm)
August 14 : M 5 – Greys vs Greens (3.00 Pm), M 6 – Blues vs Reds (7.30 pm)
August 16 : Finals (7.30 pm)

SLC REDS
Lasith Croospulle, Kusal Mendis (Capt.)-WK, Bhanuka Rajapakse, Kamindu Mendis, Wanindu Hasaranga, Sahan Arachchige, Dunith Wellalage, Lahiru Madushanka, Matheesha Pathirana, Maheesh Theekshana, Dushmantha Chameera, Pabasara Waduge, Kalana Perera, Kevin Koththigoda, Sithara Gimhan

SLC BLUES
Danushka Gunathilaka, Sadeera Samarawickrama (WK), Charith Asalanka (Capt.), Dhananjaya De Silva, Ashen Bandara, Chamika Karunaratne, Suminda Lakshan, Pramod Madushan, Lahiru kumara, Praveen Jayawickrama, Kasun Rajitha, Lahiru Udara, Lahiru Samarakoon, Ashen Daniel, Nipun Ransika

SLC GREENS
Pathum Nissanka, Niroshan Dickwella (WK), Nuwanidu Fernando, Dinesh Chandimal, Dasun Shanaka (Capt.), Dhananjaya Lakshan, Ramesh Mendis, Binura Fernando, Nuwan Thushara, Jeffrey Vandersay, Lakshan Sandakan, Saminda Fernando, Dilshan Madushanka, Nimesh Vimukthi, Sachindu Colombage

SLC GREYS
Ashan Randika, Sanegeeth Cooray, Ashan Priyanjan (Capt.), PTM Dabare, Minod Bhanuka, Movin Subasingha, Muditha Lakshan, Akila Dhananjaya, Duvindu Tillakaratne, Milan Rathnayake, Lakshan Gamage, Nimsara Atharagalla, Pulina Tharanga, Tharindu Ratnayake, Kasun Vidura Adikari

Comments (0)
Add Comment