ආරාධිත 20යි 20 ලීගයේ තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළඹෙන 8 වැනිදා සිට ආරම්භ කිරීමට කටයුතු සංවිධාන කර ඇති ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා නම් කර ඇති තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

තරග තීරකවරුන් දෙදෙනෙකු හා විනිසුරුවන් 6 දෙනෙකු තරග නිළධාරීන් ලැයිස්තුවට ඇතුළත්.

ජාත්‍යන්තර අත්දැකීම් බහුල විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන මහතා මෙම තරගාවලිය සදහා විනිසුරුවරයෙකු ලෙස ඇතුළත්ව නැහැ.

එළඹෙන ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් සංවිධාන කර ඇති මෙම තරගාවලිය අගෝස්තු 8 වැනිදා සිට 15 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ජාතික හා පළමු පෙල ක්‍රීඩකයින් 60 දෙනෙකු තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 4 ට අයත් සංචිත සදහා ඇතුළත්.

පළමු වටයේ දී සෑම කණ්ඩායමක්ම තරග 3 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

Match Referees
Graeme Labrooy – ICC Match Referee
Wendell Labrooy – ICC Match Referee

Umpiring Panel
Raveendra Wimalasiri – ICC Umpire
Ruchira Palliyaguruge – ICC Umpire
Lyndon Hannibal – ICC Umpire
Prageeth Rambukwella – ICC Umpire
Deepal Gunawardena – First Class Umpire
Keerthi Bandara – First Class Umpire

Comments (0)
Add Comment