ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධවලට ලක්ව ඇති වේග පන්දු යවන්නන් සංඛ්‍යාව මේ වන විට 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ හා ඩිල්ෂාන් මදුෂංක ද ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මතීෂ පතිරණ නිමා වූ තෙවැනි විස්සයි 20 තරගයේ දී උරහිසක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහුට එම තරගයේ දී පන්දු යැවීමට හෝ අවස්ථාවක් උදා වූයේ නැහැ.
ඩිල්ෂාන් මදුෂංක පුහුණුවීම් අතරතුර දී පාදයක ආබාධයකට ලක්ව ඇති බව සදහන්.
මීට පෙර දුෂ්මන්ත චමීර හා බිනුර ප්‍රනාන්දු ඉන්දියාවට එරෙහි විස්සයි 20 සංචිතයට නම් කර සිටි නමුත්, අසනීප තත්ත්වයෙන් පසු වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාටම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.
නුවන් තුෂාර ද පුහුණුවීම් අතරතුර ඇගිල්ලක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු ද විස්සයි 20 සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගත්තේ.
මතීෂ පතිරණගේ හා ඩිල්ෂාන් මදුෂංකගේ ආබාධ පිළිබද මෙම පුවත පල කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කර නොතිබූ අතර, මෙතෙක් එක්දින වරම් දිනා නොමැති මොහොමඩ් ශිරාස් සංචිතයට ආදේශ කිරීමට පියවර ගෙන ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ බෙව් අඩවිය වාර්තා කර ඇත්තේ.
ලහිරු කුමාර ද ආබාධයකින් පසුවන බැවින් තේරීම් සදහා සලකා බැලීමට නොහැකිව ඇති බව ද වාර්තා වනවා. එසේ වුවහොත් ආබාධ හා අසනීප තත්ත්වයෙන් පසුවන සමස්ත වේග පන්දු යවන්නන් ගණන 6 ක්.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට(2) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.
මීට පෙර නිවේදනය කෙරුණු ශ්‍රී ලංකා එක්දින සංචිතය –
1) Charith Asalanka– Captain
2) Pathum Nissanka
3) Avishka Fernando
4) Kusal Mendis
5) Sadeera Samarawickrama
6) Kamindu Mendis
7) Janith Liyanage
8) Nishan Madushka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11) Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Akila Dananjaya
14) Dilshan Madushanka
15) Matheesha Pathirana
16) Asitha Fernando
Update: Six fast bowlers not available
Dushmantha Chameera – Sick
Binura Fernando – Sick
Nuwan Thushara – injured
Matheesha Pathirana – Injured
Dilshan Madushanka – Injured
Lahiru Kumara – injured https://t.co/LqKkXLiC1V— Azzam Ameen (@AzzamAmeen) August 1, 2024