සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
ආබාධවලට ලක්ව සිටින කේෂාව් මහරාජ් හා වියාන් මෝල්ඩර් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනාම ඉදිරියේදී වෛද්‍ය පරීක්ෂණ සදහා මුහුණ දීමට නියමිතයි.
පාකිස්තානය සමග පැවැති පළමු එක්දින තරගයට පෙර මහරාජ් ආබාධයකට ලක් වූ අතර, මෝල්ඩර් ආබාධයකට ලක් වුණේ ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයේදීයි.
ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත්. එනම්, Corbin Bosch හා Kwena Maphaka යන ක්‍රීඩකයින්.
මෙම ටෙස්ට් තරගාවලියේ එක් තරගයක් ජය ගතහොත් දකුණු අප්‍රිකාවට ලබන වසරේ පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
පළමු තරගය ලබන 26 වැනිදා සෙන්චූරියන්හි SuperSport Park ක්‍රීඩාංගනයේදී ද, දෙවැනි තරගය කේප් ටවුන්හි Newlands ක්‍රීඩාංගනයේදී ද ආරම්භ වීමට නියමිතයි.
South Africa squad for Tests against Pakistan
Temba Bavuma (c), David Bedingham, Corbin Bosch, Matthew Breetzke, Tony de Zorzi, Marco Jansen, Keshav Maharaj, Kwena Maphaka, Aiden Markram, Wiaan Mulder, Senuran Muthusamy, Dane Paterson, Kagiso Rabada, Ryan Rickelton, Tristan Stubbs, Kyle Verreynne (wk)