ආබාධයකට (side strain) ලක් වීම හේතුවෙන් ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට්ට නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
අද පැවැත්වෙන පළමු තරගය වෙනුවෙන් සිදු කෙරුණු පුහුණුවීම් අතරතුරයි ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේ.
ඔහු වෙනුවට Dhruv Jurel සංචිතයට ආදේශ කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ ඉන්දියාවේ Vadodara හීදීයි.
India’s updated ODI squad
Shubman Gill (c), Rohit Sharma, Virat Kohli, KL Rahul (wk), Shreyas Iyer (vice-capt), Washington Sundar, Ravindra Jadeja, Mohd Siraj, Harshit Rana, Prasidh Krishna, Kuldeep Yadav, Nitish Kumar Reddy, Arshdeep Singh, Yashasvi Jaiswal, Dhruv Jurel (wk)