ආචර්ට එක්දින තරගාවලිය අහිමි වෙයි

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

දකුණු මාපටැඟිල්ලේ සිදුව ඇති ආබාධයක් හේතුවෙනුයි ඔහුට එම තරගාවලිය අහිමි වී ඇත්තේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය 4 වැනිදා ක්‍රීඩා කළ තරගයේදීයි ආචර් එම ආබාධයට මුහුණ දුන්නේ.

ඔහු වෙනුවට ලුක් වුඩ් එක්දින සංචිතයට ආදේශ කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මැයි 29, ජූනි 1 හා ජූනි 3 එංගලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment