අළුබදුන 20යි 20 තරගාවලියේ ජය එංගලන්තයට

Match Report

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන කාන්තා අළුබදුන තරග මාලාව යටතේ පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් එංගලන්තය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 ක් දැවී ලකුණු 155 ක් ලබා ගත්තා.

Ellyse Perry ලකුණු 34 ක්‍ රැස් කළ අතර, Ashleigh Gardner හා Beth Mooney ලකුණු 32 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Nat Sciver-Brunt ලකුණු 31 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

වර්ෂාවෙන් තරගයට සිදු වූ බලපෑම හේතුවෙන් එංගලන්තයට තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 14 ක් තුළ ලකුණු 119 ක ඉලක්කයක් හිමි වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 13.2 ක් තුළ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

Alice Capsey පන්දු 23 කින් ලකුණු 46 ක් ද, Danni Wyatt පන්දු 15 කින් ලකුණු 26 ක් ද, Nat Sciver-Brunt පන්දු 25 කින් ලකුණු 25 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Megan Schutt ලකුණු 35 කට කඩුලු 2ක් බිද හෙලුවා.

කෙසේ වෙතත්, තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් කාන්තා අළුබදුන තරග මාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 6-4 ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.

Comments (0)
Add Comment