ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ආදේශ කර තිබෙනවා.
ඒ, අසනීප තත්ත්වයකින් පසුවන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහි විස්සයි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වීම හේතුවෙන්.
චමීර ශ්වසන ආසාදනයකින් (bronchitis and respiratory infection) සුවය ලබමින් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා සදහන් කළේ ඔහුගේ වෛද්‍ය වාර්තා ඊයේ දිනයේ දී සිය කමිටුවට ලැබුණු බවයි. අනතුරුව ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට සිදු වූ බව ඔහු කියා සිටියා.
ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.
විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.