පාකිස්තාන පිතිකරු අසාර් අලී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
හෙට(17) දිනයේ දී එංගලන්තයට එරෙහිව කරච්චි හී දී ආරම්භ වීමට නියමිත තෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහු මෙලෙස ටෙස්ට් පිටියෙන් සමු ගැනීමටයි තීරණය කර ඇත්තේ.
අසාර් මේ වන විට ටෙස්ට් තරග 96 කදී ලකුණු 7,097 ක් ලබා ගෙන සිටින අතර, ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 42.49 ක් ලෙසයි.
ඔහු පාකිස්තාන ටෙස්ට් ඉතිහාසයේ පස්වැනි වැඩිම ලකුණු ලාභියා ද වනවා.
[…] – Source – […]