අසලංක පාකිස්තානය හැර යයි – නායකත්වයේත් වෙනසක් නිවේදනය කෙරේ

පාකිස්තාන තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක හා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු යළි ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔවුන් දෙදෙනා එළඹෙන විස්සයි 20 තුන්කොන් තරගාවලිය සදහා ක්‍රීඩා නොකර මෙරටට පැමිණෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව තුන්කොන් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට පවන් රත්නායක කැදවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

චරිත් අසලංක මෙරටට පැමිණීම හේතුවෙන් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක පත් කිරීමටයි තීරණය කර ඇත්තේ.

top
Comments (0)
Add Comment