අසභ්‍ය වචන භාවිතා කිරීමේ වරදට ටමිම් ඉක්බාල්ට අයි.සී.සීයෙන් දඩ

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ටමිම් ඉක්බාල්ට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ පනවා තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමග ඊයේ(28) නිමා වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඔහු එහිදී විනය නීති සංග්‍රහයේ 2.3 වගන්තිය, එනම් “ජාත්‍යන්තර තරගයකදී අසභ්‍ය වචන භාවිතා කිරීම” යන වගන්තිය උල්ලංඝනය කර ඇති බව අයි.සී.සීය සදහන් කළා.

ඒ අනුව ටමිම් ඉක්බාල්ට තරග ගාස්තුවෙන් සියයට 15ක දඩ මුදලක් පනවා ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ද (demerit point) ඇතුළත් කිරීමට අයි.සී.සී තරග තීරකවරයා පියවර ගෙන තිබෙනවා.

ඊයේ පැවැති තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දුවාරයේ දී ඔහු දැවීයාමෙන් පසුව ටමිම් ඉක්බාල් අදාළ විනිසුරු තීරණයට එරෙහිව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) ලබා ගැනීමට තීරණය කළා.

කෙසේ වෙතත්, එහිදී ද සනාථ වුණේ ටමිම් ඉක්බාල් දැවී ගිය පිතිකරුවෙකු බවටයි.

එම අවස්ථාවේදී අදාළ තීරණයෙන් කෝපයට පත් ටමිම් අසභ්‍ය වචන භාවිතා කළ බවට චෝදනා එල්ල වුණා.

එම චෝදනා ටමිම් ඉක්බාල් විසින් පිළිගෙන ඇති අතර, ලබා දී ඇති දඩුවම ද ඔහු විසින් පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයක සදහන්.

Comments (0)
Add Comment