ජීවිතය, වාසනාව හා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය තැබූ ට්විටර් පණිවිඩයක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.
එම ට්විටර් පණිවිඩය වෙත මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල ද විශේෂ තැනක් හිමිව ඇති බවයි දක්නට ලැබෙන්නේ.
වාසනාව ජීවිතයට කොපමණ බලපාන්නේ ද යන්න පිළිබද අදාළ ට්විටර් පණිවිඩයෙන් අවධානය යොමු කර තිබුණා.
ඒ, සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද උදාහරණයට ගනිමින්.
මේ වන විට ටෙස්ට් පිටියේ හොදින් දක්ෂතා දක්වමින් සිටින ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින්, ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වන ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හා ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි පිතිකරුවෙකු වන ඩොන් බ්‍රැඩ්මන් යන ක්‍රීඩකයින් පිළිබදවයි එහිදී අවධානය යොමු කෙරුණේ.
රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකාවේ උපත ලැබුවානම්, ඔහු මුත්තයියා මුරලිදරන්ගේ ලෝක වාර්තාවට පවා අභියෝගයක් එල්ල කරමින් ඔහුගේ කඩුලු ප්‍රමාණයට සමාන කඩුලු ප්‍රමාණයක් දවා ගනු ඇති බව අයිස්ලන්ත ක්‍රිකට් ආයතනය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සදහන්.
එමෙන්ම ඩොන් බ්‍රැඩ්මන් අයිස්ලන්තයේ උපත ලැබුවේනම් ඔහුට කිසිදු ජාත්‍යන්තර ලකුණක් රැස් කිරීමට නොහැකි වනු ඇති බවත්, ඔහු ධීවරයෙකු පමණක් වනු ඇති බවත්, අදාළ ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබුණා.
Context and luck is everything in life. If Ravi Ashwin had been born in Sri Lanka, he would probably end his career with as many wickets as Muralitharan. If Don Bradman had been born in Iceland, he'd have scored no international runs and been a below par fisherman. That's life.
— Iceland Cricket (@icelandcricket) December 24, 2021