අශ්වින්, ජයිස්වාල් පළමු දිනයේ ගෞරව ඉන්දියාවට හිමි කර දෙයි

Day 1 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් අද(13) අලුයම නිමා වුණේ දිනයේ සියලු ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

ඩොමිනිකා හි Windsor Park ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය පළමු දිනය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබා සිටියා.

මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 40 ක් හා රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 30 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

කොදෙව්වන් වෙනුවෙන් මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ Alick Athanaze ලකුණු 47 ක් රැස් කළා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 20 ක් ද, රකීම් කෝන්වෝල් නොදැවී ලකුණු 19 ක් ද, ජේසන් හෝල්ඩර් ලකුණු 18 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 60 කට කඩුලු 5 ක් දවා ගත්තා. රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 26 ක් ලබා දෙමින්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 70 ක්.

big 3
Comments (0)
Add Comment