අවිශ්කගෙන් හා පැතුම්ගෙන් අර්ධ ශතක ; ශ්‍රී ලංකාව 162/5 (20)

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි නිල පුහුණු තරගය මේ වන විට අබුඩාබිහී දී පැවැත්වෙනවා.

ඒ, පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා කුසල් ජනිත් ක්‍රීඩා නොකරන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් ධනංජය ද සිල්වා.

ධනංජය ද සිල්වාට හා අංක 3 පිතිකරු චරිත් අසලංකට සාර්ථක ඉනිම් දියත් කිරීමට හැකි වූයේ නැහැ.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 76 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ඔහුට අනගි සහායක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ලකුණු 61ක් වාර්තා කළා.

ඒ් අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.

SRI LANKA NEWS
Comments (0)
Add Comment