එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් විස්සයි 20 තරග දෙක සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඔබෙඩ් මැකෝයි කැදවා තිබෙනවා.
මැතිව් ෆෝර්ඩ් වෙනුවට ඔහුව සංචිතයට කැදවීමට පියවර ගත් බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
පසුගියදා පැවැති තෙවැනි විස්සයි 20 තරගයට පෙර පුහුණුවීම් අතරතුර දී මැතිව් ෆෝර්ඩ් ආබාධයකට (thigh strain) මුහුණ දී තිබුණා.
දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 3-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ එංගලන්තයයි.