අලුත්ම T10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5ක්

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය හා T Ten Global Sports පළමු වරට සංවිධාන කරන Zim Afro T10 ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (draft) අද(3) සිදු කෙරුණා.

තරගාවලිය ජූලි 20 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත්තේ කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන්.

Durban Qalandars, Cape Town Samp Army, Harare Hurricanes, Bulawayo Braves හා Johannesburg Buffaloes යන කණ්ඩායම් තරගාවලියට එක්වන අතර, සියලු තරග හරාරේ හී දී පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් 80 දෙනෙකු සියලු කණ්ඩායම් විසින් තෝරා ගනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද කණ්ඩායම් හිමිකරුවන් විසින් සිය කණ්ඩායම් වෙත මිලදී ගැනීමට කටයුතු කළා.

ඒ අනුව භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ හා චාමික කරුණාරත්න Cape Town Samp Army කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

Harare Hurricanes කණ්ඩායම විසින් කෙවින් කොත්තිගොඩ සිය කණ්ඩායමට මිලදී ගත්තා.

තිසර පෙරේරා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ Bulawayo Braves කණ්ඩායම වෙනුවෙනුයි.

සංචිත 5 –

  • Durban Qalandars: Asif Ali, Mohammed Amir, George Linde, Hazratullah Zazai, Tim Seifert, Sisanda Magala, Hilton Cartwright, Mirza Thahir Baig, Tayab Abbas, Craig Ervine, Tendai Chatara, Brad Evans, Clive Madande, Nick Welch, Andre Fletcher.
  • Cape Town Samp Army: Rahmanullah Gurbaz, Sean Williams, Bhanuka Rajapaksa, Maheesh Theekshana, Sheldon Cottrell, Karim Janat, Chamika Karunaratne, Peter Hatzoglou, Matthew Breetzke, Richard Ngarava, Cephas Zhuwao, Hamilton Masakadza, Tadiwanashe Marumani, Tinashe Kamunhukamwe, Parthiv Patel, Mohamed Irfan, Stuart Binny
  • Harare Hurricanes: Eoin Morgan, Mohamed Nabi, Evin Lewis, Robin Uthappa, Donovon Ferreira, Shahnawaz Dahani, Duan Jansen, Samit Patel, Kevin Kothegoda, Christopher Mpofu, Regis Chakabva, Luke Jongwe, Brandon Mavuta, Tashinga Musekiwa, Irfan Pathan, Khalid Shah, S Sreesanth
  • Bulawayo Braves: Sikandar Raza, Taskin Ahmed, Ashton Turner, Tymal Mills, Thisara Perera, Ben McDermott, Beau Webster, Patrick Dooley, Kobe Herft, Ryan Burl, Timycen Maruma, Joylord Gumbie, Innocent Kaia, Faraz Akram, Mujeeb Ur Rahman
  • Johannesburg Buffaloes: Mushfiqur Rahim, Odean Smith, Tom Banton, Yusuf Pathan, Will Smeed, Noor Ahmad, Ravi Bopara, Usman Shinwari, Junior Dala, Blessing Muzarabani, Wellington Masakadza, Wessly Madhevere, Victor Nyauchi, Milton Shumba, Mohamed Hafeez, Rahul Chopra
big 3
Comments (0)
Add Comment