පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටුවට යළිත් වරක් නව සාමාජිකයින් තිදෙනෙකු පත් කර තිබෙනවා.
එංගලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක පරාජයක් ලැබීමෙන් අනතුරුවයි පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළේ.
ඒ අනුව විනිසුරුවරයෙකු ලෙස සිය වෘත්තීය දිවියට සමු දීමට සූදානම් වන අලීම් ඩාර්, ආකිබ් ජාවෙඩ් හා අසාර් අලී සත් සාමාජික තේරීම් කමිටුවේ නව සාමාජිකයින් ලෙස පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අසාද් ශෆික්, දත්ත විශ්ලේෂක හසාන් චීමා, නායකයා හා ප්‍රධාන පුහුණුකරු ද තේරීම් කමිටුව නියෝජනය කරනු ලබනවා.
මොහමඩ් යුෆුස් තේරීම් කමිටුවෙන් ඉවත් වී දින 10 ක පමණ කාලයක් ගතව ඇති පසුබිමකයි නව සාමාජිකයින් නම් කිරීම සිදු කර ඇත්තේ.
තේරීම් කමිටුවට ප්‍රධානීවරයෙකු නම් කර නැහැ. 2021 වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලයේ දී පාකිස්තානය සිය තේරීම් කමිටුවට සාමාජිකයින් 26 දෙනෙකු පත් කර තිබෙනවා.