අයි.සී.සී වසරේ 20යි 20 ක්‍රීඩකයා නිවේදනය කෙරේ

අයි.සී.සී වසරේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ඉන්දීය පිතිකරු සූර්යකුමාර් යාදව් පිදුම් ලබා තිබෙනවා.

ඔහුට අමතරව පාකිස්තානයේ මොහමඩ් රිස්වාන්, නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ සෑම් කරන් මෙන්ම සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සිකන්ඩ රාසා ද අදාළ සම්මානය සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිර්දේශ කර තිබුණා.

2022 වසරේ දී 20යි 20 ජාත්‍යන්තර පිටියේ වඩාත් සාර්ථකම පිතිකරු බවට පත් වූ සූර්යකුමාර් යාදව් එම වසරේ දී ලකුණු 1164 ක් රැස් කළා.

තරග 31 කදී ඔහු එම ලකුණු ප්‍රමාණය වාර්තා කළේ 46.56 ක ලකුණු සාමාන්‍යක් සටහන් කර ගනිමින්.

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය සටහන්ව තිබුණේ 187.43 ක් ලෙසයි.

20යි 20 ඉතිහාසයේ දී වසරක් තුළ ලකුණු 1,000 ක් වාර්තා කළ දෙවැනි පිතිකරු ලෙසයි සූර්යකුමාර් යාදව් ඉතිහාසගත වුණේ.

big 3