ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නව ස්වාධීන සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් නිතරගයෙන් තේරී පත්ව තිබෙනවා.
2024 වසරේ දෙසැම්බර් පළමු වැනිදා සිට ඔහු එම ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.
අයි.සී.සීයේ වත්මන් සභාපතිවරයා වන නවසීලන්තයේ Greg Barclay ගේ ධූර කාලය නොවැම්බර් මාසයෙන් අවසන් වන අතර, ඉන් අනතුරුව ඔහු තෙවැනි වරටත් අදාළ ධූරය දැරීමට සූදානම් නොමැති බව පසුගිය 20 වැනිදා නිවේදනය කෙරුණා.
සභාපතිධූරය සදහා එක් නමකට වඩා වැඩි නාමයෝජනා ප්‍රමාණයක් ලැබී තිබුණේ නම් මීළග සභාපතිවරයා තෝරා ගැනීම සදහා නිලවරණයක් පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, ඒ සදහා එක් නාමයෝජනාවක් පමණක් ලැබී තිබූ බැවින් 35 හැවිරිදි ජේ ශාහ් නිතරගයෙන් අයි.සී.සී සභාපතිධූරය සදහා තේරී පත්ව තිබෙනවා.
එම ධූරයට පත් වූ වයසින් අඩුම පුද්ගලයා ලෙස ද ජේ ශාහ් ඉතිහාසගත වනවා. වසර තුනක ධූර කාලයක් සදහායි ඔහු තේරී පත්ව ඇත්තේ.
මීට පෙර ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙකු වන ජග්මොහාන් දල්මියා, ශරාද් පවර්, එන් සිරිනිවාසන් හා ශශාන්ක් මනෝහාර් අයි.සී.සී මුල් පුටුවට පත්ව ඇති අතර, ඒ අනුව ජේ ශාහ් ඉතිහාසගත වන්නේ එම ධූරයට පත් වූ 5 වැනි ඉන්දියානුවා ලෙසයි.
Greg Barclay 2020 වසරේ දී පළමු වරට අයි.සී.සී සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර, පසුව 2022 වසරේ නොවැම්බර් මාසයේ දී ද යළි ඔහු සභාපතිධූරයට පත් වුණා.
2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ධූරයට පත් වූ ජේ ශාහ් 2022 වසරේ දී යළි එම ධූරයට පත් වූ අතර, 2025 වසර දක්වා ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, අයි.සී.සි සභාපතිධූරය භාර ගැනීමේ දී ඔහුට එම ලේකම් ධූරය අත්හැරීමට සිදු වනවා.
සභාපතිධූරයට පත් වීම සම්බන්ධයෙන් ජේ ශාහ් පල කළ අදහස් –
“I am humbled by the nomination as the Chair of the International Cricket Council,” Shah stated.
“I am committed to working closely with the ICC team and our member nations to further globalize cricket. We stand at a critical juncture where it is increasingly important to balance the coexistence of multiple formats, promote the adoption of advanced technologies, and introduce our marquee events to new global markets. Our goal is to make cricket more inclusive and popular than ever before.”
“While we will build on the valuable lessons learned, we must also embrace fresh thinking and innovation to elevate the love for cricket worldwide. The inclusion of our sport in the Olympics at LA 2028 represents a significant inflection point for the growth of cricket, and I am confident that it will drive the sport forward in unprecedented ways.”