අයියර් දෙවැනි ටෙස්ට් තරගයට සූදානම්

ඉන්දීය මැද පෙල පිතිකරු ෂ්රෙයස් අයියර් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව ඔහු නව දිල්ලියේ දී ඉන්දීය ටෙස්ට් සංචිතය සමග එක්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් අයියර්ට නිමා වූ නවසීලන්ත එක්දින තරගාවලිය මෙන්ම ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

ඔහුට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ බැවින් සූර්යකුමාර් යාදව්ට එම තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට ද හැකි වුණා.

තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර, දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා දිල්ලි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

India’s squad for second Test:

Rohit Sharma (Captain), KL Rahul (vice-captain), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Shreyas Iyer, KS Bharat (wk), Ishan Kishan (wk), R. Ashwin, Axar Patel, Kuldeep Yadav, Ravindra Jadeja, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Suryakumar Yadav

big 3
Comments (0)
Add Comment